දෑවැද්දට බිරිඳගේ වකුගඩුව



සිය බිරිඳගේ වකුගඩුවක් සොරාගත් සැමියෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ බෙංගාලි ජාතික කාන්තාවකගෙන් ඇයගේ දැනුවත් භාවයකින් තොරව සැත්කමක් මාර්ගයෙන් සිය සැමියා විසින් වකුගඩුවක් සොරාගෙන ඇති බවයි.

වසර දෙකකට පමණ පෙර අදාළ කාන්තාවට සැමියා මැදිහත්වී සැත්කමක් සිදුකර ඇති අතර  පසුව උදරයේ වූ අපහසුතාවක් හේතුවෙන් සිදුකල වෛද්‍ය පරීක්ෂණ වලදී ඇයගේ එක් වකුගඩුවක් ඉවත් කර ඇති බව අනාවරණය වී තිබේ.

සිය සැමියා විසින් ඒ පිළිබද තොරතුරු වසන් කරන ලෙසට ඇයට අනතුරු ඇගවීමක් සිදුකල ද ඇය විසින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති බව  වාර්තා වේ.

ඒ අනුව අදාළ පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාන්තාවගේ සැමියා පවසා ඇත්තේ ලැබිය යුතු දෑවැද්දක් ලෙස සලකා එම වකුගඩුව ලබාගත් බවයි.

(තිළිණි ද සිල්වා )

ඉන්දියා ටුඩේ ඇසුරිනි


RECOMMEND POSTS