තරු බලමින් ඉන්න කියපු තැන මෙන්න



තරු බලමින්, එළිමහනේ රැයක් පහන් කිරීමේ ආසාව ඇති කාටත් අලුත් නවාතැනක් හඳුන්වා දීමට ප්‍රංශ හෝටල සමාගමක් කටයුතු කර තිබේ. ඒ, නව ‘බුබුළු කාමර’ නමැති කුඩා එළිමහනේ ඉදි කළ කාමර හඳුන්වා දෙමිනි. බුබුළු කාමර හඳුන්වා දීම සිදුකෙරුණේ ප්‍රංශයේ ‘අපාත්ජාවේ’ නමැති හෝටල් සමාගමයි. පවුලේ සැමට නිවාඩුවක් යන තේමාව යටතේ සියලු සැප පහසුකම්වලින් සමන්විත බුබුළු කාමර හඳුන්වා දීම පසුගිය දා සිදුවිය.

‘අපාත්ජාවේ’ සමාගම පෙන්වා දෙන අන්දමට කූඩාරමක කොටුවී එළිමහනේ සිටිනවාට වඩා අපූරු අත්දැකීමක් ගෙන දෙන්නට ඔවුන් විසින් ප්ලාස්ටික් සහ වීදුරු යොදා ගෙන කැළෑවක් මැද නිර්මාණය කළ මෙම බුබුළු කාමර සමත්වී ඇත.

එක් රැයක් සඳහා මෙම කාමරයක් ගත කිරීමට පවුම් 100 ක මුදලක් වැය වෙයි. රාත්‍රී අහස පමණක් නොව සොබා දහමේ සුන්දරත්වය විඳ ගනිමින් නිස්කලංක නිවාඩුවක් ගත කිරීම උචිත නවාතැන ලෙස මේ වනවිට ප්‍රංශ වැසියන්ගේ පමණක් නොව විදේශිකයන්ගේ ද අවධානය දිනා ගැනීමට මෙම ‘බුබුළු කාමර සමත් වී ඇතැයි මේල් ඔන් ලයින් පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

 

ලුසිත ජයමාන්න
ඬේලිම්ල් ඇසුරිනි

 


RECOMMEND POSTS