තනියෙන් යන බස් රිය පළමු දවසෙම හැප්පිලා



රියදුරකු නොමැතිව, චන්ද්‍රිකා තාක්ෂණයෙන්, පරිගණක පද්ධතියකින් සහ සංවේදක යොදා ගනිමින්, තනියෙන් ධාවන යන බස් රියක් හඳුන්වාදීමට ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර බලධාරීන් කටයුතු කළ අතර, මංගල ගමනේදී එම බස් රිය, ලොරි රියක ගැටී අනතුරක් සිදුවිය.

වෙනස් විදියේ නැවුම් අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණින් බස් රියේ මංගල ගමනට එක් වුණු මගීන් ගෙන් කිහිප දෙනකු අනතුරින් සුළු තුවාල ලැබූ බව ද වාර්තා වේ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.

බස් රිය හැපී ඇත්තේ ඉතා සෙමින් ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් අනතුර සිදුවී ඇත්තේ ලොරියේ රියැදුරුගේ නොසැලකිල්ලෙනි. පොලිසිය එම රියැදුරාට දඬ කොළයක් ලබා දුන් බව ද පැවැසෙයි.

අනතුරට ලක් වුණු මෙම රියැදුරන් නැති බස් රිය ෂටල් බස්රියකි ලස් වේගාස් පැමිණෙන සංචාරයකයන් නගරයේ සුප්‍රසිද්ධ තැන්වලට රැගෙන යෑමට මෙම බස් රිය යොදා ගැනීමට නගර බලධාරීහු සූදානමින් සිටිති.

(රොයිටර්)

 


RECOMMEND POSTS