ට්‍රම්ප්ට කිම් ජොන් උන් වෙඩි තියලා



උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යහපත් සබඳතා ආරම්භ වීමත් සමඟ උතුරු කොරියානු නිර්මාණශීලීන්ගේ ප්‍රදර්ශනයක් දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්විණි.

එම ප්‍රදර්ශනයේ කාගේත් අවධානයට ලක් වුණු නිර්මාණය නම්, කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට වෙඩි තබා මරා දැමීම යන නිර්මාණයයි.

එම නිර්මාණයේ ට්‍රම්ප්ගේ අනුරුව සහිත රුවක් බිම වැටී සිටී. එම රුව ඉදිරියෙන් තුවක්කු අතැතිව සිටින්නේ කිම් ජොන් උන්ගේ රුව සහිත අනුරුවකි. ‘මොනවා වුණත්, වැඬේ දිගටම සිද්ධ වෙනවා’ යැයි එම නිර්මාණය අසල සටහනක් යොදා ඇත.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS