ජීවිතාරක්ෂක ඩ්‍රෝනා යානා



ඩ්‍රෝනා යානාවක් යොදාගනිමින් ජිවිත බේරාගත් ලොව පළමු පුද්ගලයින් දෙදෙනා බවට පත් වීමට ඕස්ට්‍රේලියානු ජාතික ජිවිතාරක්ෂක පිහිනුම්කරුවන් දෙදෙනෙකු සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පිහිනුම්කරුවන් දෙදෙනාක්ෂණිකව ක්‍රියාත්මක වී ඩ්‍රෝනා යානාවක් යොදාගෙනක්වීන්ස්ලන්තය ආශ්‍රිත රළු මුහුදු ප්‍රදේශයේ ගිලෙමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ජීවිතාරක්ෂක උපකරණ ලබාදීඔවුන්ගේ ජීවිත බේරාගැනීමට කටයුතු කරඇත.

“අපිට පුළුවන් වුනා විනාඩි දෙකක් ඇතුලතදී අදාල ස්ථානයට ඩ්‍රෝනා යානාවක් යවලා ජිවිතාරක්ෂක උපකරණ ලබා දෙන්න’’ යනුවෙන් ජිවිතාරක්ෂක අධ්‍යක්ෂක, ජේ ෂෙරීඩන් ප්‍රකාශ කළේය.

ජිවිතාරක්ෂක කටයුතු සඳහා නවීන තාක්ෂණය වැඩිපුරම යොදාගන්නා රටක් ලෙස ඕස්ට්‍රේලියාව හැඳින්විය හැකි අතර විශාල ඩ්‍රෝනා යානා ප්‍රමාණයක් වෙරළ අශ්‍රීත ප්‍රදේශවල සේවයේ යොදවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS