ජපන් ගගනගාමියා බොරු කියලා



පෘථිවි කක්ෂයේ ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටිද්දී තම උස සෙන්ටි මීටර් 9 කින් වැඩි වුණැයි බොරු කී ජපන් ගගනගාමියකු ගැන වාර්තා වේ.

උසෙහි වෙනසක් සිදුවුණැයි පවසා ඇත්තේ, අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ජපන් ගගනගාමී 41 හැවිරිදි නොරිෂිගේ කනායිය. ඒ, ටිව්ටර් පණිවුඩයක් හරහාය.

‘අභ්‍යවකශයේදී සියල්ල වැඩෙනවා. ගගනගාමීන්ගේ උසෙහි වැඩි වීමක් වෙනවා. මගේ උස සෙ.මී. 9 කින් වැඩිවෙලා. මගේ උෑස වැඩිවුණු නිසා සෝයූස් කැප්සියුලයෙන් ආපසු ආරක්ෂිතව පෘථිවියට එන්න මට පුළුවන් වේවිදැයි දන්නේ නැහැ’ යනුවෙන් එම ට්විටර් පණිවුඩයෙහි සඳහන් වෙයි.

අභ්‍යවකාශයේ දීර්ඝ කාලයක් රැඳී සිටිද්දී, ගගනගාමීන්ගේ කශේරුකාව සෘජු වීමක් සිදුවෙයි. එය ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් තහවුරු කර ඇත.

කෙසේ නමුත් නොරිෂි අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින්නේ සති කිහිපයක් පමණි. තමා කී දේ වැරැදි බවත්, එවැනි දෙයක් පැවැසීම තම අණුවනකමක් බවත් පවසමින් ඒ ගැන සමාව ඉල්ලා සිටීමට ජපන් ගගනගාමී නොරිෂි කටයුතු කළ බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS