චොකලට් විලාසිතා



චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත් විය.

පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංවිධාන කර තිබුණි.වාර්ෂික පැරිස් චොකලට් වෙළඳ ප්‍රදර්ශනය මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත් වෙයි.

ලොව විශාලතම චොකලට් ප්‍රදර්ශන අතරින් එකක්ද වන එය මෙවර පැවැත්වෙන්නේ 24වන වරටයි.ප්‍රදර්ශනය නොවැම්බර් 4වන දින දක්වා දින පහක කාලයක් පැවැත් වෙයි.

එහි ආරම්භය සනිටුහන් කරමින් පැවැත්වූ චොකලට් ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ඒ සඳහා ප්‍රංශයේ සුපිරි තරු රැසක් සහභාගිවී සිටි බවත් සඳහන් වෙයි.

විලාසිතා සහ චොකලට් සඳහා ප්‍රංශ සංස්කෘතිය තුළ සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි.මෙම ප්‍රදර්ශනයේ චොකලට් ඇඳුම් නිර්මාණය කිරීමට අතිදක්ෂ මෝස්තර නිර්මාණ ශීල්පීන් බොහෝදෙනෙකු දායකවී ඇති අතර චොකලට් වර්ග රැසක් ඊට උපයෝගි කරගෙන තිබුණි.

( තිළිණි ද සිල්වා )

ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS