චිත්‍රපටවල සිප ගැනීම්: ලිංගික දසුන් නෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් මින් ඉදිරියට හොලිවුඞ් චිත්‍රපටවල රංගන ශිල්පීන් අතරේ සිප ගැනීම් හෝ ලිංගික දසුන් රූගත නොකෙරන බවත්, එම දසුන් පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කර පසුව චිත්‍රපටවලට එක් කරනු ඇති බවත් හොලිවුඞ් පුරයෙන් වාර්තා වේ.

හොලිවුඞ් චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් මෙම තීරණය ගෙන ඇත්තේ, චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා ‘කොවිඞ් 19’ වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට යැයි පවසා ඇත. මීට අමතරව, අලුතින් නිර්මාණය කෙරෙන චිත්‍රපටවල සිප ගැනීම් සහ ලිංගික දසුන් පිටපත්වලින් ඉවත් කරන බව ද වාර්තා වේ.

‘කොවිඞ් 19’ හේතුවෙන් හොලිවුඞ් සිනමා කර්මාන්තය ද අඩපණ විය. මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට තිරගත වීමට නියමිත චිත්‍රපට සියල්ල ප්‍රමාද කර එළිදැක්වීමට නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ. මෙම වසරේ තිරගතවීමට නියමිතව තිබුණු ඇතැම් චිත්‍රපට 2021 වසර තෙක් කල් ගොස් ඇතැයි ද වාර්තා වේ.

ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS