ගෝල්ඞ්ෆිෂ් බේරාගන්න සැත්කමක්



පවුම් 200ක් වැය කොට සුරතල් ගෝල්ඞ්ෆිෂ් මත්සයකු සැත්කමකට භාජන කළ පවුලක් ගැන එංගලන්තයේ නෝෆෝක් පළාතෙන් වාර්තා වෙයි. 

‘බොබ්’ නමැති මෙම ගෝල්ඞ්ෆිෂ් වසර 20 ක් තිස්සේ තම සුරතලා වී සිටින බව උගේ හිමිකරු පවසා ඇත. හිමිකරුගේ අනන්‍යතාව හෙළි කර නැත.

බොබ්ගේ හිමිකරු වැඩි දුරටත් පවසා ඇත්තේ තම දූ දරුවන්ටත් වඩා බොබ් පැරැණි බවත්, බොබ් ද තම පවුලේ සාමාජිකයකු බවත්ය. ඒ අනුව බොබ්ගේ ජීවිතය වෙනුවෙන් සැත්කම සිදුකිරීමට හිමිකරු කටයුතු කර ඇත.

බොබ්ගේ වරළක් අසල පිළිකා ගැටිත්ත ඉවත් කරනු ලැබුවේ පළපුරුදු පශූ වෛද්‍යවරියක වන ෆේ බෙතෙල් විසිනි. ක්ෂුද්‍ර (සියුම්) සැත්කම් සම්බන්ධයෙන් මැය විශේෂඥ වෛද්‍යවරියකි. 

ශල්‍යාගාරයක ඇදමත සිදු කළ එම අසීරු සැත්කමට විනාඩි 30 ක කාලයක් ගතවිය. බොබ්ට හුස්ම ගැනීමට, මුඛයට කුඩා බටයකින් වතුර ලැබෙන්න සල්වා, ගෙඩිය සෙමින් කපා ඉවත් කළ බවත් සැත්කම සාර්ථකවුණු බවත් වාර්තා වේ.

 

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS