ගුවන් යානයක මඟීන් ගමනාන්තය තෙක් හිටගෙන ගිහින් !



සෞදි අරාබිය බලා පියාසර කළ පාකිස්තාන් ගුවන් යානයක් තුළ අමතර මගීන් හත් දෙනෙකුට සිට ගෙන යෑම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි.

පසුගිය මාසයේ කරච්චි නුවර සිට සෞදි අරාබියේ මදීනා නගරය වෙත පියාසර කිරීමට නියමිතව තිබූ යානයේ සියලුම මගී ආසන පිරී තිබුණ නමුත් අතිරේක මගීන් හත් දෙනෙකු ද ඊට ඇතුල් කොට ඇති බව පාකිස්තාන ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් බීබීසීයට ප්‍රකාශ කළේය.

නියමිත සීමාව ඉක්මවා මගීන් රැගෙන යෑම මුල්වරට අනාවරණය කරනු ලැබුවේ පාකිස්තානයේ 'Dawn'පුවත්පත විසිනි. 
ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය විසින් අත් අකුරින් ලියන ලද අතිරේක ගුවන් ප්‍රවේශපත් නිකුත් කොට ඇති බවත් එමපුවත්පත වාර්තා කොට තිබිණි.

යානය ගුවන්ගත වනතෙක් අතිරේක මගීන් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව යානයේ කපිතාන්වරයා අවධාරණයෙන් කියා සිටි බවත් 'Dawn' වාර්තාවේ දැක්වේ

ගුවන් යානයක නියමිත සීමාව ඉක්මවා මගීන් රැගෙන යෑම හදිසි අවස්ථාවකදී ගැටලු ඇතිවීමට හේතු විය හැකි බව ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 


RECOMMEND POSTS