ගුවන් යානයක දොරක් නිවසක් උඩට වැටිලා



ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සෙකන්දරාබාද් නගරයේ නිවාස සංකීර්ණයක එක් නිවසක් මතට ගුවන් යානයක දොරක් පතිත වීමෙන් මහා කලබලයක් සිදුවුණැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

දොර නිවස මතට වැටීමෙන් නිවසේ සිටි කිසිවකුටවත් අනතුරක් සිදුනොවුණු නමුත් නිවසේ වහලයට හානි සිදුවුණු බව පැවැසෙයි. වැටුණු එම දොර කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන් යානයක එකක් යැයි ද පැවැසෙයි.

දොර ගැලැවී පතිත වී ඇති නිවස එම අවස්ථාවේදී තීන්ත ආලේපන කරමින් තිබුණි. නිවසේ හහිමිකරු ගනේෂ් යාදේව් නැමැත්තා මාධ්‍ය හමුවේ සිද්ධිය විස්තර නරමින් කියා සිටියේ, දොර පතිත වීමෙන් වහලයට යානි සිදුවුණු බවත්, බිත්තියේ තීන්ත ගාමින් සිටි තීන්ත බාස් අනූනවයෙන් දිවි ගලවා ගත් බවය.

එම යානය තෙලංගානා ප්‍රාන්ත ගුවන් ගමන් අධිකාරියට අයත් සැහැල්ලු ගුවන් යානයක් වන අතර ගුවන් නියමුවන් පුහුණු කිරීමට එම යානය යොදා ගන්නා බව පොලිසිය පසුව කියා සිටියේය.

දොර ගැලැවී යද්දී, යානය අඩි 2,500 ක් ඉහළින් පියාසර කරමින් තිබුණේ යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS