ගුවන් කරණම් ගහන මහලු කත



ගුවන් කරණම් ක්ෂේත්‍රයේ වයස්ගතම කාන්තාව ලෙස වාර්තාවක් පිහිටුවීමට 102හැවිරිදි අයිරීන් ඕෂේ (Irene O'Shea) නම් මෙම ඔස්ට්‍රේලියානු ජාතික කාන්තා සමත් වී තිබේ.

ඇය මුහුදු මට්ටමේ සිට අඩි 14 000ක් ඉහළ අහසේදී ගුවන් යානයක සිට පැරෂුටයක ආධාරයෙන් පැනීමට කටයුතු කර තිබේ.

මෙමඟින් අදාළ කාන්තාව දකුණු ඔස්ට්‍රේලියාවේ චාලක නියුරෝන රෝග සංගමය වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට හා ඒ පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි.

මීට වසර කිහිපයකට ඇයගේ දියණියද එම රෝගයට ගොදුරුව මියගොස් ඇති බව සඳහන් වෙයි.මෙම ඉසවව්ට ඕෂේ පළමු වරට සහභාගී වී ඇත්තේ ඇයගේ 100 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් බව දැක්වෙයි.

කෙසේ වෙතත් මෙවර ඇය මේ සඳහා සහභාගී වී ඇත්තේ තෙවන වරට බව විදෙස් වාර්තා සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා)

ගාඩියන්


RECOMMEND POSTS