ගැමියෝ යෝධ පිඹුරා කළා



මීටර් 7.8 ක් දිගින් යුත් පිඹුරු රාජයකුට සිදුවුණු අවාසනාවන්ත ඉරණමක් ගැන ඉන්දුනීසියාවේ බටාන් ගන්සාල් දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

මෙම පිඹුරා ආරක්ෂක නිලධාරියකු වන රොබට් නබාබාන් නමැත්තාට දකින්න ලැබී ඇත්තේ පසුගිය සෙනසුරාදා දිනයේය. ඒ, තල් වත්තක සැඟවී සිටිද්දීය.

රොබට් නබාබාන් පිඹුරා පණපිටින් අල්ලා ගැනීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී පිඹුරා රොබට් නබාබාන්ට පහර දුන්නේය. පිඹුරා විසින් වෙළා ගැනීම හේතුවෙන් රොබට් නබාබාන් දරුණු ලෙස තුවාල ලැබූ නමුත් ඔහු දිවි ගලවා ගත්තේය.

කෙසේ නමුත් පිඹුරා එසේ වාසනාවන්ත වූයේ නැත. ප්‍රදේශයේ ගැමියෝ ඌ මරා දැම්මෝය. ඉන්පසු අවසානයේ දී යෝධ පිඹුරා ගම්වාසීන්ගේ ආහාරය වුණු බව ඉන්දුනීසියානු පුවත් සේවා උපුටා දක්මින් ඒ.එෆ්.පී. ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS