ගංජා වෙනුවට එළවළු



ගංජා වෙනුවට එළවලු වගාකිරීම සඳහා තරුණයන් උනන්දු කරවීමට වනුවාටු පොලිසිය විශේෂ වැඩසටහන් දියත් කර තිබේ.

ශාන්තිකර සාගරයේ වානුවාටු දූපතේ පවතින සාරවත් පසෙහි ඕනෑම එළවලු වර්ගයක් වගාකළ හැකි නමුත් එහි තරුණයෝ ගංජා වගාව ප්‍රිය කරති.එළවලු වගාවට යොමුවන්නන් සඳහා වගා උපකරණ නොමිලේ සැපයීමට වනුවාටු පොලිසිය පියවර ගෙන තිබේ

ගංජා වගාවට හුරුවී ඇති වනුවාටු තරුණයන් එළවලු වගාවට යොමුකර ගැනීම අසීරු අභියෝගයක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සරු පසක් ඇති වනුවාටු දූපතට බොහෝ ආහාර වර්ග වෙනත් රටවලින් ආනයනය කරන අතර ඊට විශාල මුදලක් වැයවේ.

වනුවාටු කෘෂිකර්ම ඇමති මටායි සෙරෙමයියා කියා සිටියේ වෙනත් රටවලින් ආනයනය කෙරෙන බොහෝ එළවලු සහ අල තම රට තුළ වගාකළ හැකි බවය.ඒ සඳහා තරුණ පරම්පරාව යොමුකර ගතහැකි වුවහොත් විශාල මුදලක් රට තුළ ඉතිරිකර ගතහැකි බවට බලධාරීහු විශ්වාස කරති

තිළිණි ද සිල්වා
බී.බී.සී ඇසුරිනි


RECOMMEND POSTS