කෝපි හැලිලා තනිවම සේරම පිරිසුදු කරලා



නෙදර්ලන්ත අගමැති මාක් රුට්, සුපුරුදු පරිදි, හේග් නුවර පාර්ලිමේන්තුව ගොඩනැගිල්ලට ඇතුළුවෙද්දී, ඔහු රැගෙන ආ ප්ලාස්ටික් කෝපි කෝප්පය බිම වැටුණි.

මෙය සිදුවූයේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ආරක්ෂක දොරටුවෙන් ඇතුළු වන අවස්ථාවේදීය. ප්ලාස්ටික් කෝපි කෝප්පය බිම වැටී, කෝපි සියල්ල බිම විසිරුණි. එය දුටු එතැන සිටි ආරක්ෂක නිලධාරිනියක ‘මොප්’ එකක් රැගෙන එතැනට වහා පැමිණියාය.

අගමැති මාක් රුට්, ‘කෝ දෙන්න’ යැයි කියමින්, ඇයගෙන් බිම පිරිසුදු කරන මොප් එක ඉල්ලා ගනිමින්, ඉහිරුණු කෝපි සියල්ල සුද්ද පවිත්‍ර කළේය.

එම අවස්ථාවේදීපාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිරිසුදු කරන කාන්තාවන් පිරිසක් ද එතැනට පැමිණ සිටි අතර, අගමැතිවරයාගේ ක්‍රියාව ඔවුන්ගේ පැසැසුමට ලක් විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS