කුරුල්ලෙක් ගුවන් යානයක් ප්‍රමාද කරලා



මස්කට් නුවර සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබු ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි 104 ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටීම හේතුවෙන් එම ගුවන් යානය ප්‍රමාද වී පියාසර කිරීමට සිදු වු බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

අදාල සිද්ධිය ගුවන් සමාගමට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ හරහා නිවේදනය කර තිබු බව වාර්තා වේ.

ගුවන්යානය යථාතත්ත්වයට පත්කිරීමට ගුවන්යානා කාර්මික අංශය කටයුතු කල අතර ලන්ඩන් නුවර බලා ගුවන් යානාය පිටත්ව යන තුරු ගුවන් මඟින්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට ගුවන්තොටුපල බලධාරීන් පියවර ගෙන තිබු බව බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS