කිලෝ 6 ක ගෙඩියක් ඉවත් කරයි



කුවේට් කාන්තාවකගේ ගර්භාෂයේ තිබු කිලෝ 6ක් පමණ බරකින් යුත් ගෙඩියක් ඉවත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වයස අවුරුදු පනහක් වන කුවේට් කාන්තාවගේ බඩේ අතිවන අධික වේදනාවක් හේතුවෙන් රෝහල් ගත වී ඇත.

නිසි ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන් වසර ගණනාවක් අධික වේදනාවෙන් පිඩා විදීමට ඇයට සිදු වු බව ප්‍රසව හා නාරිවේදය පිළිබඳ උපදේශක, වෛද්‍ය ඉබ්ටිස්සාම් ගාඩන්ෆාර් ප්‍රකාශ කළේය.

පිළිකා  තත්ත්වයක් නොවන බවත් දරු උපත් සිදුවන කාලයන් වලදී ඇති වන තත්ත්වයක් බවවෛද්‍ය ඉබ්ටිස්සාම් ගාඩන්ෆාර් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS