කිරිදෙන ගමන් විලාසිතා



ඇමෙරිකාවේ මියාමි නුවර පැවැති නාන ඇඳුම් විලාසිතා දැක්මකදී, ඇමෙරිකා නිරූපිකා මාරා මාටින්, සිය මාස පහක් වයසැති බිලිඳිය අරියා වඩා ගෙන ඇයට කිරි පොවමින් විලාසිතා ඉදිරිපත් කිරීම මේ වනවිට ලොව පුරා ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබේ.

බිලිඳිය වඩා ගෙන කිරි පොවමින් නාන ඇඳුම් විලාසිතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාරාට පමණක් නොව, විලාසිතා දැක්ම සංවිධානය කළ සංවිධායකයන්ට පවා දොස් අහන්න සිදුවී ඇතැයි වාර්තා වේ. එය කිසිසේත් උචිත දෙයක් නොවේ යැයි බොහෝ දෙනාගේ අදහස වී ඇත.

කෙසේ නමුත් තවත් සමහරු එවැනි නිර්භීත දෙයක් කිරීමට මාරා පියවර ගැනීම මවකගේ ශක්තිය ලෝකයට පෙන්වීමක් බව පවසමින් ඇයට ප්‍රසංශා කර ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS