කැපුව කකුලටත් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක්!




විශේෂයෙන්ම තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය සමාජ ජාල වෙබ්අඩවි වලින් විවිධාකාරයේ අමුතු පුවත් දැකිය හැකිය.

ඡායාරූප වලට වැඩි නැඹුරුවක් දක්වන්නන් අතර අතිජනප්‍රිය ඉන්සග්‍රෑම් වලින් වාර්තා වන  මෙම පුවත කපන ලද කකුලක් වෙනුවෙන් තැනුනු ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් පිළිබඳවයි.

ඇමෙරිකාවේ ඕක්ලහෝමා ප්‍රාන්තයේ වෙසෙන 25 හැවිරිදි ක්‍රිස්ටි ලෝයල් හට සිය වම් පාදයේ කොටසක් අහිමිවූයේ පිළිකාවක් හේතුවෙනි. පිළිකාවේ වර්ධනය නැවැත්වීමට එම පාදයේ කොටස කපා ඉවත් කළ යුතු බවට වෛද්‍යවරුන් ඇයට පවසා තිබුණි.
මුලින් විහිළුවක් ලෙස ඇය සිය පාදය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියත්, පසුව තමාට සත්‍යවශයෙන්ම එම කපාදැමූ කොටස අවශ්‍ය වූ බවට ඒත්තුගියේ යැයි ක්‍රිස්ටි පවසයි.

කෙසේ වෙතත්, පාදයේ කොටස ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් මසකට පසු ඇය ඉල්ලීම ඉෂ්ට විය. ඇයට කපා වෙන් කළ පාදයේ කොටස ලැබුනේ මේ අයුරුන් ය.

මේ අතර, මෙම කපා දැමුණු පාදයට ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සාදන මෙන් යෝජනා කර තිබුණේ ඇගේ මිතුරෙකි. මේ අනුව, ඇය සිය පාදයේ අස්ථි පවිත්‍ර කර, සුදුපැහැ ගන්වා කම්බි වල ආධාරයෙන් එකට බැඳීමට කටයුතු යොදා තිබුණි..

ඉන්පසුව ‘වන් ෆුට් වොන්ඩරර්’ යන නමින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ආරම්භ කළ ඇය, එම පාදය සමග විවිධ ස්ථාන වලදී ගත් ඡායාරූප එහි පළ කර තිබේ.

පහත දැක්වෙන්නේ එසේ ක්‍රිස්ටි විසින් පළ කර ඡායාරූප කිහිපයකි. මේ වන විට සතුටින් කල් ගෙවන ක්‍රිස්ටි මේ වන විට පිළිකා රෝගයෙන් සුවය ලබමින් සිටියි.

( තිළිණි ද සිල්වා )
ද ගාඩියන් ඇසුරෙනි....


RECOMMEND POSTS