කාර් හොරාට වෙච්චි දේ



කාරයක් සොරකම් කර පොලීසියෙන් බේරී පළායෑමට අධික වේගයකින් එම කාරය ධාවනය කළ පුද්ගලයකු වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන්අල්-වෆ්රා මුහුදු අධිවේගි මාර්ගයේ සවිකර තිබු විදුලි පහන් කණුවක ගැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව අල්-රායි වෙබ් අඩවිය වාර්තා කළේය.

සොරකම් කර පළා යෑමට උත්සහ කළ ටින්ට් කරන ලද විදුරු සහිත රථය උසාවියේ නඩුවකට සම්බන්ධ වාහනයක් බව පොලීසිය ප්‍රකාශ කළේය. 

රියදුරාගේ අනන්‍යතාව සොයාගැනීමට පොලීසිය අපොහොසත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS