කට වරද්දා ගෙන හිරේට



සෞදි රාජ්‍යයට අපහස වන ආකාරයෙන් පසුගිය නොවැම්බර් මාසයේදි අදහස් පළ කළ කුවේට් මන්ත්‍රී, අබ්දුල්හමීඩ්ඩස්ටිට වසර තුනක සිරදඩුවමක් ලබා දෙන ලෙස කුවේට් අපරාධ අධිකරණය නියෝග කරඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අපරාධ අධිකරණය අමාත්‍යවරයා නොමැතිව නඩුව විභාග කළ අතර ඔහු පළ කරන ලද අදහස් වලින් කුවේටය සහ සෞදි අරාබිය අතර කාලයක් පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට හානියක් සහ රාජ්‍යයන් දෙක අතර උණුසුම් තත්ත්වයක් ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අපරාධ අධිකරණ විනිසුරුවරයා පෙන්වා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS