ඔළුව එළියේ දාගෙන ගිහින් වැඩ වරදී



එමිරේට්ස් රාජ්‍යයේ පිහිටි උම් සකිම් මාවතේදි විදේශීය ඉන්දීය ජාතිකයෙකු තම පුතාගේ ඔළුව එලියට හිටින සේ වාහනය තුල සිටවා අපරීක්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් ඩුබායි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වාහනය සහ ඔහුව අත්අඩංගුවට ගෙන වාහනය රාජසන්තක කිරීමට කටයුතු කර ඇතිඅතර රියදුරාට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට නියමිතව බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඔහු ධාවනය කරන ලද වාහානය සමාගමක අයත් එකක් වන අතර එය පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ලියාපදිංචිය අලුත් කර ගෙන නොමැති බව  කරන ලද මූලික පරීක්ෂණ වලදී අපරාධ පරීක්ෂණඅධ්‍යක්ෂ කාර්යාලය හෙළි කරගෙන  ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.ඒ. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS