එවරස්ට් කන්දේ ඔක්සිජන් හොරු



ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවසර්ට් තරණය සඳහා පැමිණෙන කඳු නගින්නන්ගේ ඔක්සිජන් ටැංකි සොරා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව වාර්තා වේ.

ඔක්සිජන් බෝතල්  සහ ටැංකි සොරා ගැනීම සිදුවන්නේ අයහපත් කාළගුණය හේතුවෙන් කඳුනගින්නන් කඳවුරුවලට කොටු වී සිටින අවස්ථාවලදීය.

කිසියම් කල්ලියක් විසින් මෙම සොරා ගැනීම සිදු කරන බව ද පැවැසෙයි. ඔවුන් කවුරුදැයි යන්න මෙතෙක් හඳුනා ගැනීමට හැකිවී නැතැයි චීන මෙන්ම නේපාල ආරක්ෂක අංශ පවසයි.

එවරස්ට් ශිඛරයට නේපාලය දෙසින් පමණක් නොව චීනය දෙසින් ද සිය ගණනින් සංචාරකයෝ පැමිණෙති.

(රොයිටර්)

 


RECOMMEND POSTS