එක රැයින් හොරු අරන්



මිදි වත්තකට ඇතුළු වූ සොරු කණ්ඩායමක්, එම මිදි වත්තේ සියලූම මිදි එක රැයින් සොරකම් කිරීමේ පුවතක් දකුණු දිග ජර්මනියෙන් වාර්තා වේ.

සොරකම් කළ මිදි තොගයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් 9,272 (රුපියල් 15,76240) කි. සොරකම් කර ඇත්තේ සුදු මිදි නමින් හැඳින්වෙන මිදි වර්ගයයි. මෙම මිදි භාවිතා කරන්නේ, මිල අධික ‘රියෙල්සිං’ වයින් නිෂ්පාදනය සඳහාය.

මිදි අස්වන්න පැය කීපයක් ඇතුළත සොරා ගැනීමට සොරුන් කටයුතු කර ඇති බවත්, ඒ සඳහා මිදි අස්වනු නෙළන විශේෂ යන්ත‍්‍ර යොදා ගන්න ඇති බවත් පොලිසිය කියයි.

සොරුන් සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත. සොරකම සිදුවී ඇත්තේ දකුණුදිග ජර්මනියේ ඩෙයිඩිෂිම් ගම්මානයේ සුපිරි වෙළෙඳසැල අසල රථ ගාලට නුදුරින් පිහිටා ඇති මිදි ගොවිපොලටය. සුපිරි වෙළෙඳ සැල මෙන්ම රථ ගාලද සැමවිටම ජනතාවගෙන් පීරි පවතී. එසේ තිබියදී සොරකම සිදුවී ඇත්තේ සවස් කාලයේ බව සිදු කළ පරීක්ෂණවලින්  තහවුරු වූ බව පොලිසිය පවසා ඇත.

ජර්මනිය, ප‍්‍රංශය ආදී යුරෝපා රටවල් වයින් නිෂ්පාදනය සඳහා මහා පරිමාණයෙන් මිදි වගා කරයි. මේ අයුරින් මිදි වතුවලට කඩා වැදී මිදි අස්වනු සොරකම් කිරීම සෑම වසරක් පසා සිදුවන බව පැවැසෙයි. මිදි සොරකම් කිරීම වැළැක්වීමට අස්වනු නෙළන සමය වෙද්දී, මිදි වතු සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙයි.

(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS