ඉවතල ප්ලාස්ටික්වලින් අලංකාර වූ ගෙවත්ත



ඉවතලන ප්ලාස්ටික් බඳුන් යොදාගෙන නිර්මාණය කළ අලංකාර ගෙවත්තක් පිළිබඳ මේ පුවත වාර්තා වුණේ ඉන්දියාවෙන්.

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මිද්නාපූර් හි පිරකතා වන සංරක්ෂණ කාර්යාලයේ ගෙවත්ත වන සංරක්ෂණ නිලධාරී පාපන් මොහන්තා විසින් අලංකාර උද්‍යානයක් බවට පත්කර ඇත.

එම ගෙවත්ත අලංකාර කිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ ඉවතලන ප්ලාස්ටික් බඳුන් වීම මෙහි ඇති විශේෂත්වයයි.

මොහන්තාගේ ගෙවත්තේ ඇති ශාක බොහෝ ප්‍රමාණයක් වගාකර තිබෙන්නේ ඉවතලන ප්ලාස්ටික් බඳුන් වලයි.

නැවත භාවිතය තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා මෙය උදාහරණයක් බවයි බොහෝ පිරිස් පවසන්නේ.

ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගනිමින් පාසැල්, හමුදා කඳවුරු වැනි ස්ථානයන් හා වෙනත් ආයතනවල ගෙවතු පරිශ්‍රයන්ද මේ ආකාරයට සකසා ගත හැකි බවද ඔවුන් පෙන්වා දෙයි. 

ඉන්දීය ජනතාව වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 12ක් පමණ භාවිතා කරන බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි.

ඒවායින් බොහෝමයක් එක් වරක් පමණක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් බවද සඳහන්.

මේ තත්ත්වයට සැලකිල්ලට ගනිමින් ලබන ඔක්තෝබර් දෙවන දා සිට එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් මුළුමණින්ම තහනම් කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත.


RECOMMEND POSTS