ඉරානයත් විදුලි කාර් එකක් හදලා



 

ඉරානය ඉන්ජිනේරුවන් ඔවුන් විසින්ම නිර්මාණය කළ විදුලි මෝටර් කාර් එකක් එළිදැක්වූයේ යැයි ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

‘පිරිසුදු වාතය පිරුණු දිනක්’ යනුවෙන් ජාතික වැඩසටහනක් ඉරානයේ තෙහෙරාන් අගනුවරදී ක්‍රියාත්මකවුණු අතර එම හුරුබුහුටි විදුලි මෝටර් කාරය එළිදැක්වීම සිදුවූයේ එම අවස්ථාවේදීය.

මෙම මෝටර් රථයේ ඇති විශේෂත්වය නම් එය මුළුමනින්ම ඉරානයේ තාක්ෂණයෙන් පමණක් නිර්මාණය කරන ලද්දක් වීමය. 

මෝටර් රථය එළිදැක්වීමට ඉරාන ජනාධිපති හසන් රොව්හානී සහභාගී වුණු අතර, මෝටර් කාරය කෙටි දුරක් පදවා එහි නිර්මාණකරුවන් පැසැසීමට ඉරාන ජනපති රොව්හානී අමතක නොකළේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS