ඉංග්‍රීසි ඉගැන්වීමට ජපන් රොබෝවරු



පාසල් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පන්තිකාමර වලට රොබෝවන් යෙදවීමට ජපානය තීරණය කරනු ලැබ ඇත.

ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ජපන් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ජපන් පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම යහපත් මට්ටම නොතිබීම, මෙවැනි තීරණයක් ගැනීමට හේතුවී තිබෙනවා.

ලබන අප්‍රේල් මාසයේ සිට සිදු කළ අත්හදා බැලීමකින් පසුව මෙලෙස පාසල් 500 කට පමණ මෙම රොබෝවරුන් ලබාදීමට නියමිතයි.

ස්පර්ශ කිරීමෙන් ක්‍රියාත්මක වන මෙම රොබෝවරුන් හරහා සිසුන්ගේ ඉංග්‍රීසි වචන උච්ඡාරණය මෙන්ම සංවාද පැවැත්වීමේ හැකියාව වර්ධනය වනු ඇතැයි ජපන් අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දේ.

( තිළිණි ද සිල්වා )

ජපෑන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS