ඇවිදිද්දි ඉස්සරවුණු බිරිඳ දික්කසාද කරලා



තමන් සමඟ ඇවිදිද්දී, බිරිඳ තමන්ට වඩා ඉදිරියෙන් ඇවිදිනවා යැයි චෝදනා කරමින් ඇය දික්කසාද කිරීමට සෞදි සැමියකු කටයුතු කළ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

තමන් අවස්ථා ගණනාවකදී බිරිඳට අවවාද කර තිබුණත් ඇය තමන් කියන දේගණන් නොගත් බවත් එම සෞදි සැමියා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත. ඒ අනුව, අධිකරණය දික්කසාදය සඳහා අවසර දී ඇතැයි සෞදි පුවත් සේවා වාර්තා කරයි.

පුරුෂාධිපත්‍ය රජයන සෞදියේ, කාන්තාවන්ගේ අයිතිවාසිකම් නිරන්තරයෙන් අර්බුදයට ලක් වී ඇත. මේ අයුරින්, නොයෙක් නොයෙක් හේතු කාරණා මුල්කොට ගනිමින් සෞදියේ දික්කසාද වීම් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS