ඇන්ජිමක් උඩු ගුවනේදී අක්‍රියවෙලා



ප්‍රංශයේ ‘එයාර් ෆ්‍රාන්ස්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක එක් ඇන්ජිමක කොටසක් කැඩී වෙන්වී යෑමත්, එම ඇන්ජිම අක්‍රිය වීමත් සමඟ ගුවන් යානයේ ගමන් මඟ වෙනස් කර එය කඩිනමින් ගොඩබෑමට නියමුවෝ සමත් වූහ.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ නියමු දස්කමින් යානයේ සිටි පිරිසගේ දිවි බේරුණු බවය. ‘එයාර් ෆ්‍රාන්ස්’ ගුවන් සේවයට අයත් ‘ඒ 380’ ගුවන් යානය හදිසියේ ගොඩබෑවේ ග්‍රීන්ලන්තයේ ගුවන්තොටුපොළකටය.

යානයේ කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු නමුත් යානයේ සිටි මගීන් 496 දෙනා මහත් සේ බියට පත්වුණු බව පැවැසෙයි. යානයේ නියමුවන් ද ඇතුළු කණ්ඩ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 24 කි.

යානය පැරිස් නුවර සිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් තෙක් පියාසර කරමින් තිබුණි. ඇන්ජිම කැඩී වෙන්වී ගියේත්, එය අක්‍රිය වූයේත් අත්ලාන්තික් සාගරයට ඉහළින් යානය පියාසර කරද්දී යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS