අවුරුදු 73 දී නිවුන් දරුවන් බිහි කරලා



ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයස අවුරුදු 73 ක කාන්තාවක් නිවුන් දරු දෙදෙනෙකු බිහි කළ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

 නිවුන් දරුවන් සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද පැවැසෙයි.

දරු උපතින් පසු මාධ්‍ය හමුවේ මව ප්‍රකාශ කර ඇත්තේ 82 හැවිරිදි වියේ පසු වූ තම ස්වාමි පුරුෂයා සහ තමන් විවාහ වූ දින පටන් දරුවන් අපේක්ෂාවෙන් පසුවුව ද මෙම නිවුන් දරු උපත සිදුවනතුරු එය සැබෑ නොවුනු බවයි.

2016 වසරේදී ඉන්දියාවේ 70 හැවිරිදි කාන්තාවක් දරුවෙකු බිහි කිරිමේ පුවතක් ද වාර්තා විය.

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS