අවුරුදු 16 ක් පැරැණි : කලලයකින් දරු උපතක්



වසර 16 ක් තිස්සේ පර්යේෂණාගාරයක මුදවා තැබූ කලලයකින්, නීරෝගී දරුවකු බිහිකිරීමට චීන වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත්වූ බව චීන පුවත් සේවා වාර්තා කරයි.

නළ දරු ක්‍රමයට මෙම දරුවා බිහි කළේ දකුණු චීනයේ 46 හැවිරිදි කාන්තාවකි. උපත ලැබුවේ පිරිමි දරුවකු බවත් දරුවා ඉතා නිරෝගී බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පවසා ඇත. දරු උපත සිදුවී ඇත්තේ මීට සති ගණනාවකට පෙර යැයි ද වාර්තා වේ.

මෙම කාන්තාව 2000 වසරේ දී ද නළදරු ක්‍රමයට පුතකු බිහි කර ඇත. එම අවස්ථාවේදී ඇය තවත් දරුවකුට ආසා කර ඇති නමුත් චීන රජයේ ‘එක පවුලකට එක දරුවයි’ නීතිය ඊට හරස් විය.

එම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට චීන රජය මේ වනවිට පියවර ගෙන ඇත. ඒ අනුව, මීට වසර 16 කට පෙර පළමු දරුවා බිහිකරද්දී, තමාගේ ඉතිරි කලල මුදා තැබීමට කාන්තාව ඉල්ලා තිබුණු ඓයින්, එසේ මුදවා තැබුණු කලලය යොදා ගෙන තවත් දරුවකු බිහි කිරීමට තමන්ට හැකිවුණු බවත් චීන වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් කියා සිටිති.

 

(රොයිටර්)


RECOMMEND POSTS