අලුත් යුවලට වෙච්ච වැඩ



අලුතෙන් විවාහ වු යුවලක් මංගල කටයුතු සඳහා පිටත්ව යෑමේදි ඔවුන් ගමන් ගත් වාහනය පාරෙන් ඉවතට පැනමීසාන් ආණ්ඩුකාර ප්‍රදේශයේ පිහිටා ඇති වාඩි අල්-ෂාරන් ගංඟාවට පෙරළි ඇති බව Sabq පුවත්පත වාර්තා කළේය.

පුද්ගලයන් දෙදෙනෙකු ගංඟාවට පැනඔවුන් දෙදෙනා වාහනයෙන් එලියට ගෙන ජීවිතය බේරා ගෙන ඇති අතර කිසිදු අනතුරක් සිදුවී නොමැත.

වාහනය ජල පහරට අසුව ගසා ගෙන යන ආකාර පුද්ගලයෙකු විසින් විඩියෝ කර ඇති අතර පසුව දොඹකරයක ආධාරයෙන් වාහනය ගංඟාවෙන් ගොඩට ගෙන ඇත.

මේ දිනවල ඇද හැලෙන වාර්ෂාවත් සමඟ ප්‍රදේශ ගණනාවක පිහිටි ගංඟාවන් පිටාර මට්ටමට ලගා වි ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS