අයිෆල් කුළුණට වීදුරු පවුරක් !



මෙම වසර අවසන් වන විට පැරිසියේ අයිෆල් කුලුන වටකොට වීදුරුවලින් හෝ හැඩකළ ලෝහයෙන් නිත්‍ය පවුරක් ඉදි කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කෙරුණි.

පැරිස් නගර බලධාරීන් විසින් එවැනි පියවරක් ගනු ලබන්නේ ත්‍රස්ත ප්‍රහාරයකින් කුලුන ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙනි.
මේ සැලැස්ම අනුව 2016 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙද්දී අයිෆල් කුලුන වටකොට ඉදි කරන ලද යකඩ වැට ඉවත් කෙරෙනු ඇත.

ඒ වෙනුවට විනිවිද පෙනෙන ආරක්‍ෂිත වීදුරුවලින් හෝ ලෝහයෙන් මීටර් දෙක හමාරක් උසැති අලංකෘත වැටක් ඉදි කරන බව පැරිස් නගර බලධාරීහු පවසති.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.....

 

 


RECOMMEND POSTS