අයර්ලන්ත මාධ්‍යවේදිනියට හිත ගිහිල්ලා



ඇමෙරිකා ජනාධිපති සහ අයර්ලන්ත නව අගමැති ලියෝ වරද්කාර් අතරේ දුරකතන හමුවක් පැවැත්විණි.

ට්‍රම්ප් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට හමුවට සහභාගී වූ අතර, අයර්ලන්ත අගමැති අයර්ලන්තයේ සිට ඊට සහභාගී වූයේය. එම අවස්ථාවේදී අයර්ලන්තයේ ප්‍රධාන මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීහු පිරිසක් ධවල මන්දිරයට පැමිණ සිටියහ.

අයර්ලන්ත අගමැති සමඟ කතාබහ කරමින් සිටිද්දී, අයර්ලන්තයේ සිට පැමිණි මාධ්‍යවේදීන් අතර සිටි එක් සුරූපී මාධ්‍යවේදිනියක ට්‍රම්ප්ගේ අවධානයට ලක් වූවාය. රතු ගවුමකින් සැරැසී සිටි එම මාධ්‍යවේදිනිය අමතමින් ‘ඔයා කවුද? මෙහෙට එන්න’ යැයි ට්‍රම්ප් පැවැසුවාය.

සෙසු මාධ්‍යවේදීන් අතරින් එම තරුණ මාධ්‍යවේදිනිය ට්‍රම්ප් අසලට පැමිණියාය. ඒ, ට්‍රම්ප්ගේ දුරකතන කථාබහ පටිගත කරන ගමන්ය. තමා කවුරුදැයි ට්‍රම්ප්ට හඳුන්වා දුන්නාය. ඇය නමින් කෙට්රියෝනා පෙරීය. ඔයාට ලස්සන හිනාවක් තිබෙනවා යැයි ද ට්‍රම්ප් සෙසු පිරිස මැද ඇයට කියා සිටියේය. කෙට්රියෝනා පෙරී, අයර්ලන්තයේ ‘ආර්.ටී.ඊ’ නාළිකාව නියෝජනය කරන මාධ්‍යවේදිනියකි.

(ඬේලිමේල් ඇසුරිනි)

http://video.dailymail.co.uk/video/mol/2017/06/28/4150984345036866774/480x270_MP4_4150984345036866774.mp4

 


RECOMMEND POSTS