අමුතුම විදියේ මාළුවෙක් අහුවෙලා



නෝර්වේ මුහුදින් අසාමාන්‍ය විදියේ මත්ස්‍යයකු අල්ලා ගැනීමට හැකිවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ අසාමාන්‍ය පෙනුමින් සහ හැඩයෙන් යුත් මෙම විශාල මත්ස්‍යයා අල්ලා ගැනීමට සමත් වී ඇත්තේ 19 හැවිරිදි ඔස්කාර් ලුන්ඩාල් නමැති මසුන් අල්ලන්නාටය. මොහු නෝර්වේ වැසියෙකි.

විදෙස් පුවත් සේවා වාර්තා කළේ ඔස්කාර් ලුන්ඩාල්ට ඩයිනසොර කාලයේ මත්ස්‍යයකු අල්ලා ගැනීමට හැකිවී ඇත බවය. මාධ්‍ය මේ ගැන වාර්තා කළේ ඔස්කාර් ලුන්ඩාල් සිය ට්විටර් ගිණුමේ පළ කළ ඡායාරූප ප්‍රසිද්ධ කරමිණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS