අන්තර් ජාලය කැළැඹූ අමුතු සතා



ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට හමුවුණු මෙම අමුතු සත්වයාගේ ඡායාරූප මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලවල වඩාත් කතාබහට ලක් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ලුජාන් එලෝර්ස් නමැති එම ස්පාඤ්ඤ කාන්තාව මෙම අමුතු සත්වයාගේ ඡායාරූප පළ කර තිබුණේ ‘මේ මොකෙක්දැයි’ සැමගෙන් අසමිනි.

බැලූ බැල්මට මෙම සත්වයාට යෝධ ඇස් තුනක් ද තිබේ. කෙසේ නමුත් ඡායාරූප දුටු සත්ව විද්‍යාඥයන් පැහැදිලි කර දී ඇත්තේ මෙම සතා දලඹුවකු කියාය.

කෝෂගත වීමෙන් පසු මෙම සත්වයා සලඹයකු ලෙස නව ජීවිතයක් ආරම්භ කරන බව ද සත්ව විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කර සිටිති.

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)

 


RECOMMEND POSTS