අකුණු සැර වැදී 15 කට තුවාල



ඊසානදිග ප්‍රංශයේ ප්‍රසංගයක් පැවති ස්ථානයකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අකුණු සැර වැදීමෙන් බොහෝ දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.අසේරයිල්ස් නගරයේ පැවති ප්‍රසංගයක් අතරතුර අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූ පිරිස අතර එම අවස්ථාවේ කූඩාරමක් තුළ සිටි දරුවන් පිරිසක් ද වෙති.ප්‍රංශයේ බොහෝ ප්‍රදේශවලට වසරේ මෙම කාල සීමාව තුළ ප්‍රචණ්ඩ කුණාටු සහිත කාලගුණ තත්ත්වයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සිදුවීමෙන් පසු නගරයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ අනෙකුත් ප්‍රසංග සියල්ල ද අවලංගු කර ඇත.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS