අකුණු වැදිලා දිනකදී 104 ක් මැරිලා



අකුණු සැර වැදීමෙන් එක් දිනක් තුළ ඉන්දියාවේ 104 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අකුණු සැර වැදීමෙන් මරණ වාර්තා වූයේ ඊයේ (25) ය. මරණ වාර්තා වූයේ ඉන්දියාවේ බිහාර් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තවලිනි.

එක් දිනක් තුළ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 104 දෙනකු මියගිය පළමු අවස්ථාව මෙය යැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මියගිය 104 දෙනාගෙන් 86 දෙනකු බිහාර් වැසියන් යැයි ද පැවැසෙයි.

අකුණු අනතුරු මෙසේ ඉහළ ගියේ මෝසම් වැසි සමය උදා වීමත් සමඟය. අකුණු සැර හේතුවෙන් 104 දෙනකු මියයෑම සම්බ්නධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය කනගාටුව පළ කර ඇත.

ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීමට පියවර ගන්නැයි අගමැති මෝදි, උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජයටත්, බිහාර් ප්‍රාන්ත රජයටත් දැනුම් දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS