අකමැති නිසා මනාලයා පැහැරගෙන



විවාහය නතර කිරීම සඳහා මනාලිය විසින් සිය මනාලයා පැහැරගෙන යෑමේ සිද්ධියක් සෞදියෙන් මක්කම නුවරින් වාර්තාවේ.

තම මනාලයා සමඟ විවාහ වීමේ අකැමැත්ත හේතුවෙන් විවාහයට දින දෙකකට පෙර සෞදි මනාලිය විසින් කප්පම්කරුවන් දෙදෙනෙකුට මුදල් ගෙවා මෙලෙස මනාලයා පැහැර ගෙන ඇතැයි සඳහන්ය.

මෙලෙස පැහැරගනු ලැබූ සෞදි මනාලයාගේ වයස අවුරුදු 48ක් බව පැවසේ.විවාහය සංවිධානය කිරීමේ කටයුතු ගැන කතා කිරීම අවශ්‍ය බවත් , ඒ සඳහා තම නිවසට පැමිණෙන්නැයි අදාළ මනාලිය විසින් කළ ඉල්ලීමට අනුව සිය මනාලියගේ නිවස වෙත පැමිණෙමින් සිටන අතරවාරයේ පුද්ගලයින් දෙදෙනකු ඔහු ගමන් ගත් මෝටර් රථය බලහත්කාරයෙන් නවතා මෙම පැහැර ගැනීම කර ඇත.කෙසේ වෙතත් පොර බැඳීමකින් පසුව එම කොල්ලකරුවන් ගෙන බේරී පළා යෑමට මනාලයා සමත් වී ඇත.

එහිදී කප්පම්කරුවන් විසින් මනාලයා සතුව තිබූ සෞදි රියාල් විසි දහසක මුදලක්ද කොල්ලකා ඇත. පසුව කප්පම්කරුවන් ගෙන් බේරී පළා ගිය මනාලයා විසින් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කළ අතර ඔවුන් සොයා කළ  සෝදිසි මෙහෙයුම් වලින් ඊට සම්බන්ධ වූ කප්පම් කරැවන් දෙදෙනා පෙලීසියි විසින් අත්අඩංගුවට ගෙන් ඇත.

වයස අවුරුදු 21 ක් සහ 27 ක් ඔවුන් දෙදෙනා සෞදි පොලිස් නිලධාරීන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර සිටියේ මනාලිය සහ ඇගගේ යෙහෙළියක් විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත අදාළ පැහැරගැනීම කළ බවය.එම සැකකරුවන් දෙදෙනා විසින් කළ චෝදාන අදාළ මනාලිය විසින් ප්‍රතික්ෂේප කළ අතර පසුව පොලීසිය විසින් මනාලියගෙන් ඇත්ත තොරතුරු ලබා ගන්නා ලෙසට ඇයගේ සහෝදරයන්ට නියෝග කරන ලදී.

පසුව පොලීසිය හමුවේ අදාළ මනාලිය විසින් මෙම ක්‍රියාව සිදු කළ බවට පිළි ගත්තාය.ඒ අනුව  මනාලිය සහ ඇයගේ යෙහෙළිය මක්කම නුවර කාන්තා සුරැකුමි මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞදි පොලීසිය පියවර ගන්නා ලදී.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS