පාරේ ඩාන්ස් දැමූ දරුවා අත්අඩංගුවේ



රථ වාහන වලින් බහුල සෞදි ජෙඩා නුවරට ආසන්නයේ පිහිටි මහා මාර්ගයක ඩාන්ස් දැමූ දාහතර හැවිරිදි දරුවෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දරුව විසින් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලොව පුරා ප්‍රචලිත වූ සෞදි වීථියක නර්තනයේ නිතර වෙමින් රථවාහන ධාවනයට බාධා වන අයුරින් හැසිරුණු වන වීඩියෝවේ සිටින දරුවා වේ.

එලෙස නීතීවිරෝධී ලෙසින් එලෙස නර්තනයේ යෙදුණු දරුවා අරාබි ජාතික දරුවෙකු වුවද ,කුමන රටකට අයත් දරුවෙකුද යන්න හෙළි වී නොමැත.

මොහු විසින් කාර්යයබහුල අවස්ථාවකදී සෞදියේ මැකරනේ නගරයේ ප්‍රධාන වීදියක රථවාහන ධාවනයට බාධා වන අයුරින් අනූව දශකයේ ජනප්‍රිය බටහිර පොප් ගීයක් වන ‘‘ මකරිනා “ ගීතය සංගීතය ඇසීමේ මෙවලමක් වූ වෝක්මනයක් පැළඳ අසමින් එම දරුවා නර්තනයේ නිරත වන මෙම වීඩියෝව Twitter ඔස්සේ පළ වී තිබිණ.

මෙහි වීඩියෝව පළමු  වරට 2016 වසරේ ජූලි මාසයේදී ප්‍රචාරය වී ඇත.එය තත්පර 45 ක් කාලය පුරා දිවේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS