‘සෙක්සි වැඩියි’ කියලා



සිරුර අනවශ්‍ය ලෙස නිරාවරණය වුණැයි තෝමස් කුක් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවුණු  තරුණියකට එම ගුවන් සේවය පවසා ඇතැයි වාර්තා වේ.

මෙම අකරතැබ්බට මුහුණ පා ඇත්තේ එමලි  ඕ කොනර් නමැති එම බි‍්‍රතාන්‍ය තරුණියයි. ඇය බර්මින්හැම් ගුවන්තොටුපොළෙන් තෝමස් කුක් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවීමට පැමිණ ඇත්තේ කැනේරි දූපත් බලා යෑමටය.

ඇය ඇද සිටි ඇඳුම සුදුසු නැති බවත්, ඇය වහා විලි වසා ගැනීම කළ යුතු බවත් ගුවන් සේවය පවසා ඇත. එසේ නොකරන්නේ නම් ඇය යානයෙන් එළියට දමනවා යැයි ගුවන් සේවිකාවන් පවසා ඇති බව ද විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

(එන්.ඞී.ටීවී.)

 


RECOMMEND POSTS