හංගොල්ලෙක් දුම්රිය නවත්තලා



ජපානයේ කයුෂූ දුපතේ විදුලි දුම්රිය ගමන් පසුගිය මාසයේ හිටිහැටියේ නැවැතිණි. එය සිදුවූයේ දුම්රිය පද්ධතියට සැපැයෙන විදුලිය බිඳ වැටීමෙනි.

දුම්රිය ගමන් වාර 30 ක් නැවතුණු අතර, 12,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්වුණු බව ද වාර්තා විය.

විදුලි පද්ධතිය බිඳ වැටීමට හේතුව සොයමින් කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ විශාල ප්‍රමාණයේ හංගොල්ලකු විදුලි පරිපතයට යෑම නිසා, විදුලි කාන්දුවක් සිදුවීමෙන් විදුලිය බිඳ වැටුණු බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS