සීබ්‍රා මහ පාරේ යකා නටයි



ජර්මනියේ උතුරු දෙසින් පිහිටි රොස්ටොක් නුවර, සර්කස් එකකින් පැන ගිය සීබ්‍රාවෙක් රථ වාහන පිරි ප්‍රධාන මාර්ගයකට පිවිසීමත් සමඟ මහ කලබලයක් හටගත්තේය.

සීබ්‍රා දුවමින් ආවේ ‘ඒ20’ අධිවේගී මාර්ගයේය. සීබ්‍රා නිසා රථ වාහන තදබදයක් හටගත්තේ වාහන කිහිපයක් එකිනෙක ගැටීම නිසාය. පොලිසිය ප්‍රකාශ කළේ වාහන 14 කට හානි සිදුවුණු බවය.

රථ වාහන පොලිස් නිලධාරීන් පැමිණ වෙඩි තබා සීබ්‍රා මරා දැමූ බව ද පැවැසෙයි. මීට පෙර ද මේ අයුරින්, සර්කස් සංදර්ශන සඳහා යොදා ගත් සීබ්‍රාවෙක් පලා ගියේය. එම සීබ්‍රා ද වෙඩි තබා මෙල්ල කිරීමට ජර්මන් පොලිසිය කටයුතු කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

බර්ලීනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS