විශ්ව විද්‍යාල උපාධි ගන්න පැළ 10 ක් සිටුවන්න ඕනෑ



විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කිරීමට නම්, විශ්ව විද්‍යාල සිසුවකු හෝ සිසුවියක අඩුම තරමින් පැළ 10 ක් වත් සිටුවිය යුතු යැයි නව නීතියක් පිලිපීනයේ ක්‍රියාත්මක වෙයි.

එම නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ ඉකුත් දා ඒ සම්බන්ධ පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ පිළිබඳ පනත් කෙටුම්පත සකස් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පැවසෙන්නේ පිලිපීන ස්වාධීන පක්ෂයක් වන මැග්ඩාලෝ පක්ෂයයි.

පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත වුණු බව ද පවසෙයි. විශ්ව විද්‍යාල සිසුන් සඳහා පමණක් නොව, උසස් අධ්‍යාපනය ලබන සිසුන් ද පැළ සිටුවීම කළ යුතු අතර, සිටුවන පැළ අනුව, ඔවුන්ට ලකුණු ලබා දීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට පිලිපීන රජය අපේක්ෂා කරයි.

මැනිලාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS