වැඩියෙන් භාවිත වූ බාබා නම් අතරේ ‘මොහොමද්’



ඇමෙරිකා එක්සත් ජනපදයේ අලුත උපන් බිලිඳන්ට නම් තැබීමේදී වැඩියෙන්ම භාවිත කර ඇති නම් අතරේ ‘මොහොමද්’ යන නම ද ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

මුස්ලිම් සම්භවයක් ඇති සහ නැති ඇමෙරිකානුවන් ඔවුන්ගේ බිලිඳන්ට ‘මොහොමද්’ යන නම භාවිත කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ඇමෙරිකානු මාපියන් වැඩියෙන්ම භාවිත කර ඇති නම වන්නේ ‘මේසන්’ යන්නය. ඊට අමතරව ‘ආලීයා’ ‘ලයිලා’ වැනි නම් ද සුදු ජාතික ඇමෙරිකානු මාපියන් නම් තැබීමේ දී භාවිත කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS