වළල්ල ඉවත් කරයි



සෞදි අරාබියේ කලීඩ් රජු රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් මාස හතරක කුඩා පිරිමි දරුවෙක්ගේ උගුරේ සිර වී තිබු වළල්ලක් සාර්ථකව ශල්‍ය කර්මයකින් පසු ඉවත් කර ඇති බව වාර්තා වේ.

හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන දරුවාව රෝහල් ගත කිරීමට දෙමාපියන් කටයුතු කර ඇත.

උගුරේ සිර වී තිබු වළල්ලදරුවාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් දැක ඇති අතර ශල්‍යකර්මයකින් වළල්ල ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS