වයිරසය නිසා ඉංග්‍රීසියට නව වදනක්



මුළු ලොවම ආගම් භේදයකින් හෝ ජාති භේදයකින් හෝ තොරව පොදු අදිසි සතුරකු සමඟ සටන් කරයි.

මේ සතුරා ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයයි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹි ‘කෝවිඞ් 19’ වයිරසය ලොව පුරා පැතිර ගොස් ඇත්තේ සමාජයීය සහ ආර්ථික අර්බුද රැසක් ඇති කරමිනි.

වයිරසය  ලොව පුරා බහුලව ව්‍යාප්තවීමට හේතුවක් වී ඇත්තේ ඇතැමුන්ගේ මෝඩ ක්‍රියාකාරකම්ය. ඒ අනුව, මේවනවිට ‘කෝවිඞ් 19’ වයිරසය මුල්කොට ගනිමින් ඉංග්‍රීසි භාෂාවට නව වදනක් එක් වී අවසන්ය. එම නව වදන වන්නේ ‘කෝවිඩියට්’ ය.

‘කෝවිඩියට්’ යන වදන නිර්මාණය වූයේ ‘කෝවිඞ්’ සහ ‘ඉඩියට්’ යන්න වදන් එක් වීමෙනි. ඉංග්‍රීසියෙන් ‘ඉඩියට්’ යනු මෝඩයා ය. ‘කෝවිඩියට්’ යනු සමාජයෙන් ඈත් වී සිටින්නැයි ලබා දුන් උපදෙස් නොතකා ‘කෝවිඞ් 19’ වයිරසය සමාජයේ ව්‍යාප්ත කරන මෝඩ පුද්ගලයා ය. ‘කෝවිඩියට්’ යන වදන ඉදිරියේ දී ශබ්දකෝෂවලට ද එක් වනු ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS