බල්ලොත් එක්ක ඡන්ද පොළේ



මහා බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වූ අවස්ථාවේදී බි‍්‍රතාන්‍ය වැසියෝ මහත් උනන්දුවෙන් ඡන්ද පොළට එක් රොක් වූහ. එසේ ඡන්ද පොළට රොක් වුණු බොහෝ දෙනා පැමිණ සිටියේ ඔවුන්ගේ බලූ සුරතලූන් ද කැටුවය.

රෙට්රීවර්, බීගල්, පූඞ්ල්, පග්ස් වර්ගවලට අයත් බලූ සුරතලූන් රැසක් ඡන්ද පොළට පැමිණ සිටිනු දකින්න ලැබුණු අතර, බොහෝ දෙනා ඡන්ද පොළට ආ බලූ සුරතලූන්ගේ ඡායාරූප සමාජ ජාල ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කළේය.

බි‍්‍රතාන්‍ය අගමැතිවරයා මෙන්ම පාලක කොන්සවටිව් පක්ෂ නායකයා ද වන බොරිස් ජොන්සන් ද ඡුන්ද පොළට ගොස් සිටියේ සිට බලූ සුරතලා ඩිලන් සමඟය. ඊට අමතරව ලන්ඩන් නුවර පුරපති මුස්ලිම් සම්භවයක් ඇති සදීක් ඛාන් ද ඡන්ද පොළට පැමිණ සිටියේ ඔහුගේ බලූ සුරතලිය ලූනා සමඟය.

බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම උදෑසන 7 ට ආරම්භ වූ අතර එය රාතී‍්‍ර 10 තෙක් පැවැත්විණි. ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසන් වූ සැණින්, ඡන්ද ගණන් කිරීම සහ ප‍්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS