බකිංහැම් මාලිගයට හොරු පැනලා



භාණ්ඩ සොරකම් කළ තැනැත්තා. පිටුපසින් ඇත්තේ බකිංහැම් මාලිගයයි

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වසංගත ජරමර මැද වසා දමා තිබෙන බකිංහැම් මාලිගයේ, දෙවැනි එලිසබත් මහ රැජිනට අයත් වටිනා භාණ්ඩ රැසක් එහි සේවකයකු විසින් සොරකම් කර ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා ඊයේ (2) වාර්තා කළේය.

දෙවැනි එලිසබත් මහ රැජින සහ සැමියා පිලිප් කුමරුන්ගේ නිවහන ලෙස සැලකෙන්නේ ලන්ඩන් නුවර පිහිටි බකිංහැම් මාලිගයයි.

කෙසේ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන්, බකිංහැම් මාලිගය මේවනවිට වසා දමා ඇති අතර එලිසබත් මහ රැජින සහ සැමියා පිලිප් කුමරු රැඳී සිටින්නේ රැජිනට අයත් පිටිසරබදව පිහිටි වෙනත් මාලිගාවකය.

සොරකම සිදු කර ඇත්තේ බකිංහැම් මාලිගයේ කටයුතු බලාකියා ගත් සේවයකු වන 37 හැවිරිදි ඇඩමෝ කැන්ටෝ නමැත්තා බව පොලිසිය කියයි. කැන්ටෝ සොරකම් කර ඇත්තේ මහ රැජිනට අයත් ස්ටර්ලිං පවුම් ලක්ෂයක් වටිනා රන් පදක්කමක් ඇතුළු වටිනා භාණ්ඩ කිහිපයකි.

සොරකම් කළ රැජිනගේ පදක්කම

විලියම් කුමරුන් සහ කේට් මිඩ්ල්ටන්ගේ අත්සන් සහිතව මහ රැජිනට තෑග්ගක් ලෙස ලැබුණු ඡායාරූපයක් ද සොරකම් කළ භාණ්ඩවලට අයත් වෙයි.

කැන්ටෝ සොරාගත් මෙම භාණ්ඩවලින් 37 ක් අන්තර් ජයෙ හරහා වෙන්දේසි කර ඇතැයි පොලිසිය කියයි. ඇඩමෝ කැන්ටෝ, හිටපු නාවික හමුදා නිලධාරියෙකි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS