පාකිස්තාන මගියෙක් ගුවන් යානයේ දොර ඇරැලා



පාකිස්තාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගියෙකු අත්වැරදීමකින්, යානයේ හදිසි දොරටුව විවිර කිරීමත් සමඟ මහා කලබලයක් හටගත්තේය.

මගියා අත්වැරදීමකින් යානයේ හදිසි දොරටුව විවර කර ඇත්තේ, එම මගී යානය මැන්චෙස්ටර් ගුවන්තොටුපොළෙන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර තෙක් පියාසර කිරීමට සූදානම් වෙද්දීය.

මගියාට සිදුවුණු අත්වැරදීම හේතුවෙන් යානයේ ගුවන් ගමන පැය 7 කින් ප්‍රමාද විය. මගීන් පමණක් නොව, ඔවුන්ගේ බඩු බාහිරාදිය පවා යළි ගුවන් තොටුපොළට යැවිණි. ඉන්පසු යළිත් වරක් මගීන් සහ බඩු බාහිරාදිය යානයට පැටවීම සිදු කෙරුණි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS